Wednesday, December 12, 2012

බඩා බැට් මෑන් මං


බඩාත් බ්ලොගක් පටන් ගන්න කියලා.. වැඩිහිටි, ජේස්ඨ බ්ලොග් අය්යලා, අක්කලාගෙන් අවසරයි..
බඩාගේ ඔලුව හිස්.. හැබැයි බඩ නම් ඕල්වෙයිස් පුල්..
කනවා.. බොනවා.. නිදාගන්නවා..
ඒ කාලකන්නි ජීවිතෙන් ටිකක් ඈත් වෙන්න තමා මෙහෙම එකක් පටන් ගත්තේ.. මොනා දන්නේ නැතත් බඩා කෑම ගැන නම් ලොවෙත් දන්නවා..
කනවා කියන එක අර්ථ 2ක්ලු නේ?
හැ ඉතින් මට මොකෑ.. අහුවෙච්ච දෙයක් කාගෙන කාගෙන යනවා..
කෑම බීම ගැන මතක් වෙනකොට හම්මේ.. බඩ හිස් වගේ..
මගේ අහින්සක බඩ ගැන රසවත් කතා ගොඩාරියක් තියෙනවා ඈ? එකක් අද කියන්නම්..

                        එකමත් එක කාලෙක නෙමෙයි, මම මොන්ටිසෝරි යන කාලේ දවසක රෑ මට බඩේ අමාරුවක් හැදිලා(ඒ දවස්වලත් කන එක තමා කලේ). ඔන්න ඉතින් අම්මා මට අසමෝදගම් හැන්දක් පොවලා නිදි කෙරෙව්වා.. මමත් හොද බබා වගේ නිදා ගත්තා.. මට ඒ දවස් වලත් රෑට නැගිටලා මොනා හරි කන්න ඕනේ.. තාමත් එහෙමයි.. ඉතින් අපේ අම්මා බිස්කට් පැකට් එකක් හරි ඇද ලගින් තියලා තියනවා..
                       ඔන්න මම නැගිටලා ඒක කෑවා.. ආයෙත් ඇදට ගියාට පස්සේ මෙන්න ආයෙත් බඩ රිදෙන්න ගත්තා..[බඩ රිදෙනකොට ඇහෙන ලස්සන සද්දේ අහන් ඉන්න මම හරි ආසයි(වෙන නැත්තන්)] බඩ රිදෙන අස්සේ මගේ හිස් ඔලුවට හිතුනා "හැන්දක් බීලා අර විදියට හොද උනානම් බෝතලේම බිවුවොත් හොදටම හොද වෙයි" එහෙම හිතලා බෝතලේම බිව්වා..
බීලා අම්මව ඇහැරවලා හොද ලමයෙක් වගේ කිව්වා
"අම්මෙ මම බෝතලේම බිවුවා"
"මොන බෝතලේද පුතේ?"
"අර අම්මා මට හැන්දක් දුන්න බෝතලේ.. දුඹුරු පාට එක"
                   අම්මා අඩ නින්දේ වගේ හිටියේ. එක පාරටම ඇහැරිලා මට අරවා ටික වමනය කෙරෙව්වා..
කාට හිනා නොගියත් මට නම් බඩ රිදෙන්න හිනා යනවා..